À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූපස්වැනි කොටහා

A+ A-

” කෝ නුරාද…… “

” අහ් ඒකනේ හාමු… කෝ චූටි මැණිකෙ අයියා. දැන් මේ මෙතන හිටියනේ හාමු “

” දෙයියනේ චූටි අප්පච්චි ඔයාට ළමයි දෙන්නව මේ ඩිංගකට බලා ගන්න බැරි වුනාද ආ…… මොන ලෝකෙද හිටියේ  “

මයෙ හාමු මහත්තයා මටයි එයාටයි හොද ඇදුම් ටිකක් තෝර ගන්න කම් මන් ළමයි දෙන්නා එක්ක ටිකක් එහාට්ට වෙලා හිටියා. මේ හැරිලා මේ බලන ඩිංගට නුරාද නෑ. හිටියෙත් දැන් නිදි කිර කිරනේ. චූටි මැණික ඉන්නවා ටැංකියක පීනන මාළු දිහා බල බල.

” ඉන්න මන් බලලා එන්නම්කෝ හාමු.. ඔයා මෙතැනම ඉන්න පොඩ්ඩක් “

හාමු ආවේස වෙලා වගේ මයෙ දිහා බලන් ඉද්දි මන් වටේටම හෙව්වත් රෝස පාට ජේසියක් දාපු නුරාද නෙවෙයි පේන්නවත් හිටියෙ.

” මල්ලි රෝස පාට ජේසියක් ඇද ගත්ත පොඩි දරුවෙක් දැක්කද “

” නෑ සර් දැක්කේ නෑ… ඉන්න පොඩ්ඩක් සර් මන් තව කොල්ලෝ දෙතුන් දෙනෙක්ට කියලා බලන්නම් “

ඒ කොල්ලා එහෙම කියලා යද්දි මන් කෝකටත් කියලා ගියෙ පල්ලෙහා තට්ටුවට.  දෙයියනේ හොයනවා කියලා කොහේ හොයන්නද. මොකෙක් හරි බල්ලෙක් වත් මගෙ දරුවා උස්සන්වත් ගියාද.  මයෙ ඇග ආයේ කිලි පොලා යද්දි මන් වැඩ කරන අයව හොය හොයා ගිහිල්ලා ඇහැව්වේ දරුවා කොහෙද දැක්කද කින්ද මන්ද කියලා වෙද්දී ඒ එක්කෙනෙක්වත් දැකලා තිබ්බේ නෑ.

” හිටියද දරුවා ආ නිලූෂ හිටියද මයෙ දරුවා….. “

” පොඩ්ඩක් ඉන්න හාමු කෑ ගහන් නැතුව . කැමරා වලින් බලනවා කිව්වා “

මන් ඔලුව අත් දෙකින්ම බදා ගෙන එතනම බිම ඉදගත්තත් හරි මයෙ හාමු චූටි මැණිකෙවත් දීලා  මයෙ අතට යන්න හැදුවත් කෙල්ලෙක් ඇවිල්ලා අපි දෙන්නව එක්කර ගෙන ගියෙ අපිට ටිකක් එහාට්ට වෙන්න තිබ්බ රෙදි රාක්ක ළගට .

.

” සර් සෙල්ලම් බඩු ගොඩ බලන්නකෝ පොඩ්ඩක් “

” මගෙ දෙයියෝ…. නිලූෂ. දෙන්න ඕනී මේකට හොද වයින් පස්ස පුපුරන්න. කොච්චර බය වුනාද දෙයියනේ “

” පොඩ්ඩක් ඉන්න හාමු… “

අර කෙල්ල අපිට ටිකක් එහාට්ට වෙන්න තිබ්බ ලොකු දිගම දිග පැන්ඩෝ බෝනික්කෝ දාපු සෙල්ලම්බඩු තොගේ පෙන්නුවත් හරි හාමු දුවන්න ගියත් මන් ඒ අත අල්ල ගත්තා. කොහොමද ඉතින් මගෙ පැටියා හොයා ගන්නෙ කියන්නකෝ. සෙල්ලම් බඩු ගොඩ අස්සෙම එයාටත් වඩා ලොකු වලහෙක් බදාගෙන හොදට ගුලි ගැහිලා නිදි. එයත් හරියට සෙල්ලම් බඩුවක් වගේ. බැලූ බැල්මට පේන්නෙත් නෑ එතැන ළමයෙක් ඉන්නවද කියලවත් . ලොකු වලහා හින්දා කොල්ලා වැහිලා එයාගේ හා කන් තියෙන සපත්තු දාපු කකුලක් නම් පේනවා හොදට. ඒකෙන් තමයි හොයා ගන්නත් පුළුවන් වුණේ පැටියව.

” කැමරා තිබ්බ හින්දා හොදයි සර්. නැත්තම් මෙදා පොටේ හොයා ගන්න වෙන්නේ නෑ “

දෙසැම්බර් තුන් වෙනිදා  මොට්ට සෝරියේ වර්ෂ අවසාන උත්සවේ තියෙනවා. තව සතියයි තියෙන්නේ. ඒකට තමයි මායි හාමුයි මේ කල් තියාම අපි දෙන්නගේ ඇදුම් දෙක ලෑස්ති කර ගන්නෙ. මේ දවස් ටිකේම පැටව් ටික මොන්ට සෝරියේ නැටුම් සින්දු නාට්‍ය පුරුදු වෙනවා. අද දෙන්නම යැව්වේ නෑ අපි දෙන්නත් ගෙදර හිටපු එකේ.

” හාමු පොඩ්ඩක් නවත්තන්නකෝ “

” ඇයි නිලූෂ…. මොනා හරි ගන්න තියෙනවද ආ….. “

” විස්කෝතු ඉවරයි නේද. මන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්නම්කෝ කඩේට “

චූටි මැණිකව හාමු එක්කලා තියෙලා මන් නුරාදවත් වඩා ගෙන ලොකු කුඩෙත් ඉහළගෙන පාර පැනලා ගියෙ කඩේකට.
පැටව් දෙන්නට ඕනී කඩචෝරු ගන්නත් එපැයි.  මන් තල්ලු කරගෙන යන ලොකු කූඩෙකුත් ඇරගෙන ඒ කූඩෙන් නුරාදවත් වාඩි කරවලා කූඩේ තල්ලු කරගෙන ඉස්සරහට ගියා   ඕනී කරන බඩුත් බල බලම.

” ආන් අල තුති අප්පත්ති…. ඒත ගමුත අලේ. මාලියයි මායි කාලා නා තූති අප්පත්ති ඒත නම් “

” ඉන්න පොඩ්ඩක් වස්තු…. කෝ බලන්න “

අලුත් විස්කෝතු වර්ගයක්‌. ඒකෙනුත් එක පැකට් එකක් අරන් ආයේ ගියෙ බබා විස්කෝතු ගන්න. මට හරියන්නෙම ඒ විස්කෝතු පෙට්ටිය. මයෙ හාමුට හරියන්නේ නයිස් එක. පොඩි දෙන්නට ඕනී විස්කෝතුවක් ගිලින්න පුළුවන් .

” තූති අප්පත්ති..,.. පතියත දන් කන්ත මොලාවත් අලන් දෙන්නාත ආ අලේ… මත තුත්තක් බදගිනි බදගිනි වදේනේ අයියූ “

” කිරි පැකට් දෙකක් අරන් දෙන්නම් හාද “

නුරාදට කුඩේ ඉහලන්න කියලා මන් පැටියවත් වඩා ගෙන බඩු මල්ලත් අරන් ඉක්මනට ගියෙ වාහනේට.

” ගුදක් වෙලා දියානෙ තූති අප්පත්ති… “

” චූටි මැණිකෙගේ අයියා හින්දා තමයි වෙලා යන්න ඇත්තේ චූටි අප්පච්චිට “

හාමුගේ අස්සේ හිටපු චූටි මැණිකට හාමු උම්මෙකුත් දීලා හෙමීට දැම්මේ වාහනේ පාරට. වැස්සයි මීදුමයි එක්කලා පාර පේන්නෙවත් නෑ හරියට. වලව්ව පැත්තට යන්න යන්න අපි වාහනෙන් ගියෙ ගොඩක් හෙමින්. මීදුම් හින්දා ළග විතරයි පේන්නෙ. දුර නම් පේන්නෙන නැති තරම්. වටපිටම සුදු පාටයි

” පැටව් දෙන්නා ආයේ එන්නෙ නෑ වස්තු මේ පැත්තට. හොදටම වහිනවත් එක්කනේ. අපි දෙන්නට අද වාසි මැණික “

” දැන් ඇති නේද ඉක්මනට නා ගෙන යමු ඒයි…. අපෝ යටකලිසම ආන් මඩ ගොඩේ චික් ඊයා ඔයාම ඒක හෝද ගන්න එකයි ඇත්තේ ……. කොහෙද ඉතින් විසේනේ “

” මයෙ හාමු ඔහොම ඉන්නවා දකිද්දී විසේ හැදෙන එක අහන්නත් දෙයක්ද ම්. මයෙ පැටියා උරන්න හොදයි. මයෙ යටකලිසමට  චික් ඊයා නේද ම්….. “

මන් ආයේ ආයේ හාමුව ළිද ළග තිබ්බ ටැංකිය ගාවට හේත්තු කරවලා එහෙන්ම පාත් වුණේ මූණට.

” ඌයි ඔහොම කන්න එපා ඕයී. එළගි තෙල් උලලා උලලම ඒකත් ඉවර වෙලා “

” තොල පොඩ්ඩක් හැපුනට මොකද මන් තව එළගි තෙල් බෝතලයක් ගෙනල්ලා දෙන්නම් හාද….. මේ අර කුප්පියක් ගමුද “

” අනේ මන්දා ඒයි… ඒ වුනාට එක්කෝ ඕනී නෑ. අපි දෙන්නා මේ යසට කරන්නේ….. ඊට පස්සේ අපි දෙන්නට මේක කරන්න ඔය කුප්පිය දිගටම බොන්න වෙයි “

ඒකත් ඇත්ත තමයි. මන් හාමුගේ ඉනෙන් තවත් තද කරලා අල්ල ගෙන මන් හෙමීට හෙමීට හාමුට ඇතුල් වුනේ මයෙ බේබිගෙ තෙල් පාටට දිලිසෙන ඒ මූණ දිහත් බලාගෙන. ඒ අස්සේ මයෙ හාමුගේ චූටි පොහොට්ටු දෙකත් මට කතා කරනවා කරනවා වගේ.   අපි දෙන්නම දැන් වැස්සට ඇබ්බැහි වෙලා.  ගියපු හැටියේ කොත්තමල්ලි එකක් වත් බොන්න ඕනී.

” ඉන්ත අප්පත්ති අලේ….. පතියත තා තුත්තක් කාලම් කලන්ත ඕලි. සසත මන් හදන්තම්කු…… කු කු ඉතින් “

” හරි හරි වස්තු ඉන්න පොඩ්ඩක් කහට දාන්න “

හාමු මහත්තයා කහට පොඩ්ඩක් වක් කරලා කේතලේ පස්සට කරද්දි නුරාද කිරි එක කවලම් කරා. ඊට පස්සේ හාමු ආයේ පැටියව පස්සට කරලා කහටයි උණු වතුරයි වක් කරලා පොඩ්ඩක් රස බැලුවේ නුරාදත් ඔලුව උස්සලා අප්පච්චි දිහා බලද්දී . මන් මේ හැමදේම චූටි මැණිකෙවත් වඩා ගෙන ටිකක් එහාට්ට වෙන්න හිටගෙන බලාගෙන හිටියෙ .

” ම්….. මයෙ වස්තුගෙ කිරි එක රසයි ගොඩක් “

” à·„à·“ à·„à·“ ඒත තමා අලේ. පතියා හදන කී තමා සසම “

” චූටි අප්පච්චි යමු ඉස්සරහට “

දෙසැම්බර් නත්තල් සීතළ දැම්ම අල්ලන්න පටන් අරන් තියෙන්නේ. අපි හැමෝම හිටියේ ඌල් ජේසිත් දාන් කකුල් වලට මේසුත් දාගෙන. සරම දිග නිසා කකුල් වලට සීතළක්‌ නෑ . චූටි මැණිකෙ නම් පුළුවන් තරම් අපේ ඔක්කකට තමයි ඇවිල්ලා ඉන්න බලන්නේ . කිරි එක බොද්දිත් එහෙමයි . ඒක බලන් ඉදලා නුරාද නම් චූටි මැණිකෙ එන්න කලින් මයෙ ඔක්කට පැනලා චූටි මැණිකෙට අප්පච්චිව පෙන්නනවා ඒ ඔක්කට යන්න කියලා . ඊට හපන් මයෙ හාමුගේ සුදු මහත්තයයි පූස් පැටව් තුන් දෙනයි . අපි වාඩි වෙනවා දැක්කොත් ඇති ඇවිල්ලා අපේ ඔක්කවල් වලට පනිනවා.

” පැටව් දෙන්නා එක්ක පරිස්සමින් ඉන්න මයෙ වස්තු…. හෙට දවල්ට දරුවෝ දෙන්නා ගන්න එන්න පුළුවන් මට “

” පරිස්සමින් බයික් එක එලවන්නේ හාද… වේගෙන් යන්න එපා “

මන් ආයේ ආයෙමත් මයෙ පුංචි හාමුව තුරුල් කරන් ඒ තොලට හාද්දක් දීපු මන් හිස් මුදුනත් සිප ගෙන කකුල් දෙක ළගට වෙනකම් ලොකු කබායත් දාගෙන කබා කලිසමත් ඇදන් අත් මේස් දෙකත් දාගෙන හෙල්මට් එකත් දා ගත්තා. සපත්තු වෙනුවට බාට කෑලි දෙකක් තමයි දා ගන්න වෙන්නේ. වැස්සට නැත්තම් මේස් හිටන් තෙමිලා සපත්තු දෙක ගලවන්න බැරි තරමට කුණු දාඩිය ගදක් තමයි කකුල තැම්බිච්චම එන්නෙ. මතක් වෙනකොටත් වමනෙට වගේ.

” කෝ දොරවල් වහ ගන්න හාමු “

හාමු දොරත් වහලා ජනේලෙන් මන් යන දිහා බලන් ඉන්න විදිහ බයික් එකේ පැති කන්නාඩියෙන් හොදට පේනවා. අද රෑ වැඩ වැටුනේ අපිට. ඒ මදිවට හත්විලමට යන්න ඕනී අපේ තොරතුරු ටික හොයා ගන්න.

” රන්දුනු සර් ආවේ නැද්ද බන් “

” ඇවිල්ලා ඉන්නෙ බන්. සර් දවල් ඉදලද කොහෙදෝ වැඩ. දමියා පෑනක් දීපන්කෝ “

විහා ආයේ පටන් ගත්තේ ලියන්න. කාමරේ ඉන්න අනිත් පස් හය දෙනාමත් බරටම වැඩ.

” ඒයි නිලුවා යමන්කෝ සුද්දා තේ එකක් බොන්න. විහාගේ අම්මා අපිට කන්නත් එවලා යකු….. “

” උබ දමියා අපිට කන්න විස්කෝතු පෙට්ටියක් වත් ගේනවා කියලද ආ “

” අපෝ හරි හරි බිසෝ… අපේ මිනිහට කියලා මාරි පෙට්ටියක්‌ ගේන්නම් මන්. අඩන් නැතුව හිටපන් “

අනිකගේ නම අමල් වුණාට අපි කතා කරන්නේ බිසෝ කියලා. දමියා නම් වෙලාවකට බිසෝ මැණිකෙත් කියනවා.

” ආයේ උබ සර්ලා දෙන්නගේ මෙව්වා එකක් දැක්කේ නැද්ද බන් ඈ විහා “

” නෑ දමියෝ..  හැබැයි මන් ඕන් දැක්කා දෙන්නෙක් අර ඇන්ටෝනි එකේ මොන මොනාදෝ කර කර ඉන්නවා “

දමියගේ මූණ රත් ගැහෙද්දි හිතා ගන්න පුළුවන් විහා කා ගැනද කිව්වේ කියලා. සිනමාහල් වලට ගියපුහාම සමහර අය චිත්‍රපටිය නෙවෙයිනෙ බලන්නේ.

” තෝ බලන් හිටියද බල්ලො.. අනේ උබත් ඉන්න ඇති උපාසකයා වගේ. මන් දන් නැද්ද මයෙ අම්මගෙ හැටි. අරකිට පව් හැබැයි. ඇවිද ගන්නවත් පුළුවන් වුනාද දන්නෑ. මාත් දැක්කා තෝ අරකිගේ ගවුම් අස්සේ හොද හොද චිත්‍රපටි ටිකක් බලනවා. වස ලැජ්ජාවේ බෑ ඕයී. මයෙ මිනිහත් දැක්කා උබේ මෝල් කෙරුවාව. මන් කිව්වා ඉතින් මන් වැඩ කරන තැන  ඉන්න කොල්ලෙක් කියලා. යාලුවෙක් කිව්වා නම් මාව ආයේ එවන් නෙත් නැති වෙයි වැඩට. යකෝ උබට ඕක කරන්න යන්න තිබ්බනේ ඕයී කාමරේකට. තොට සල්ලි වලින් අඩුවක් තියනවා කියලාද ආ….. එක්කෝ අරක කරන්න ඕන් නම් කදුරක්‌ අස්සට යන්න තිබ්බනේ. කාටවත් පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ. යසට නිදහසේ කරත හැකියි. මන් කළේ මයෙ මනුස්සයව චුට්ටක් සතුටු කරන්න අරක පොඩ්ඩක් අත ගාලා ඒකෙ හිරි යැව්ව එක විතරයි. උබ ඒකට හරියන්න අරකිව එතනම බඩ කරන්නනෙ හැදුවේ.  අම්මපා මන් උබේ අප්පච්චි වුණා නම් එවලෙම කන් ඇටේ නෙවෙයි උබේ අනිත් ඇට දෙක මන් කුඩු කරන්නේ….. à·„à·Š “

” ඇති ඇති ඕයී…. ඉදා මේකත් කාලා ඕක බීලා ඉදපන්. “

” අඩේ ආදරෙයි බන් විහා තොට…. උම්මා මයෙ රන් කොට්ටට “

” දී ගනින් උබේ මිනිහගේ අරකට උම්මා එක “

විහා උගෙ එළවලු රොටියත් දමියගේ ඇගේ ගහලා විස්කෝතුවක් අරන් ආයේ තේ එක බොන්න ගත්තා වෙද්දී මායි බිසෝ මැණිකෙයි පාඩුවේ තේ එක බොන්න ගත්තා.

” ඒයි හරිද ආ…… වරෙන්කෝ ඉක්මනට “

” හිටපන් බෙරිහන් දෙන් නැතුව පොඩ්ඩක්. අපි තුන් වෙනි වංගුවට හැරෙව්වා “

මන් එහෙම කියලා පුංචි කතා පෙට්ටියත් සාක්කුව අස්සට ඔබන් බයික් එකේ පිටිපස්සෙන් නෙවෙයි දමියගේ ඉන වටේට අත දාලා හයියෙන් උගෙ කබාය අල්ල ගත්තා . වැස්ස එන්න එන්නම සැර වුණත් හරි මේ හිපාටුවා ආයේ වැඩි කරා බයික්කේ වේගේ.

” ඒයි යකෝ වේගේ වැඩි….. පාර ලිස්සනවා බල්ලො….”

මන් හෙල්මට් එකේ වැස්මත් උඩට කරලා කෑ ගැහැව්වත් මුට ගානක් නෑ.

” අඩේ ඕයී පල්ලම හරකෝ…… “

” මේක නතර වෙන්නේ නෑ නෙ ඕයී… නිලූෂ මේකට මොකදෝ වෙලා…. අනේ…. “

” කපහන් අනිත් පැත්තට දමියෝ “

දමියගේ අතින් පාලනේ නැති වෙද්දි මන් පොඩි එකාවත් ටැංකිය ඉස්සරහට තල්ලු කරලා උගෙ අත උඩින් මයෙ අතත් හැඩල් එකේ තියෙලා කැපුවේ එහෙන්ම කාණුව පැත්තට.

” බල්ලො…. ගලිවල වතුර ඒ තියෙන්නේ “

” හිටපන්කෝ පොඩ්ඩක් “

මූට ඒ අස්සෙත් මතක් වෙන්නේ ටොයිලට් වතුර. දිගට දිගට වේගෙන් බයික් එක ඇදිලා ගියත් මන් පුළුවන් තරම් බයික් එක නවත්තන්න හැදුවා වුණත් මට‍ ඒක කරන්න අමාරු වුණු තැන ගොන් පැටියගේ බඩ වටේට අතත් දාගෙන බයික් එකෙන් පැන්නා මන් . ඒත් එක්කම වගේ අපි හරියටම විහික්කා වෙලා පෙරලි පෙරලි ගියෙ පල්ලමේ තේ වත්තකට වෙද්දී මයෙ මුළු ඇගම ඇදුම් කාගෙන ගියෙ දමියාත් රෝල් වෙවීම පහළට යද්දි.

” රන්දුනු……  පුතා ඉක්මනට යන් කොල්ලෝ “

” සර් ඉන්න ළගයි දැන් “

යසට මට බයික් එකකුත් තියෙනවා. රියදුරු බලපත්‍රයකුත් තියෙනවා. දමියගේ බයික් පැදිල්ල ගැනත් මන් තරම් දන්න එකෙක් කොහෙවත් නැතුව ඇති. ඒ දැන දැනත් මන් උගෙ පිටිපස්සෙම එල්ලිලා ගියානේ ඕනී කරන තොරතුරු හොයන්න අම්මපා. මේක කර ගන්න මට පුදුම උණක් නෙ තිබිලා තියෙන්නේ.  හාමු මහත්තය දැන ගත්තොත් මට එයාම ලියලා දෙයි පොලීසියේ අස්වීම් සහතිකේ. ඉස්පිරිතාලේ මිසි අක්කලා මයෙ කකුල් වලටයි අත් වලටයි පපුවටයි බෙහෙත් දානකම් මන් කල්පනා කර කර හිටියෙ හාමුට මොකක්ද මන් කියන්නේ කියලා. හෙල්මට් එක නිසා ඔලුව බේරුනා. කබාය නම් ගන්න දෙයක් නෑ ඉරිලා.

” අහ් ඌයි….. “

” චුට්ටක් ඉන්න.  එතැන තුවාලේ සැරයි අයියේ… “

” හ්ම් “

මුන් නම් තුවාල චප්ප කරනවද කොහෙදෝ. මට වගේම දමියටත් තුවාලයි. දමියගේ නම් අප්පච්චිත් ඇවිල්ලා ඉන්නෙ. මන් බැලුවේ වෙලාව. පාන්දර දෙකයි හරියටම. මායි දමියවයි හොයාගෙන විහා ඇවිල්ලා තියෙද්දි තමයි කණුවේ තිබ්බ බයික් එක හම්බෙලා තියෙන්නේ. පස්සේ ඌ රන්දුනු සර්ට කියලා. රන්දුනු සර් ලොකු සර්ටත් කියලා. කොහොමහරි පල්ලමේ තිබ්බ පරණ තේ වත්තෙ මැදින් තමයි අපි දෙන්නව හොයා ගත්තෙ. දමියට නම් තාම සිහියක් පතක් නෑ. ඒවුනාට ඩොක්ට කිව්වා අවුලක් නෑ කියලා. මට‍ සිහිය ආවේ මාව වාහනේට දා ගනිද්දී.

” පුතා ඉන්න අපි ගිහිල්ලා දාන්නම්. බයික් එක තිබ්බවේ. හෙට උදේට ඒක වලව්වට ගෙනල්ලා දාන්නම්කෝ “

” සර් ඉන්න. මන් විහා එක්ක යන්නම් සර් “

” පිස්සුද පුතා…. රන්දුනු වාහනේ ගන්න. වීරන්කෙඩුවට යමු “

කොච්චර මන් සර්ලා දෙන්නට එපා කිව්වත් ඒ දෙන්නා නෙවෙයි ඒක ඇහැව්වේ. දමියා ළග එයාගේ අප්පච්චියි අරුන් තුන් දෙනයි ඉද්දි මන් ජිප් එකේම ආවේ වලව්වට.

ජිප් එක වලව්වේ ඉස්තෝප්පුවේ දොරකඩම නතර කරත් හරි මන් උඩ ගියෙ රන්දුනු සර් හෝන් කරාගෙන කරාගෙන යද්දි. අප්පේ මේකේ සද්දෙට මයෙ පොඩි උන් දෙන්නත් නැගිටියි බය වෙලා.

” ඉන්න බහින්න එපා “

” නෑ සර් මට පුළුවන් තනියෙන් යන්න. මන් ළග යතුරකුත් තියෙනවා දොර අරින්න “

” ඉන්න පුතා…. ආන් දොර ඇරියා “

               💥💥💥💥💥💥💥

” මොකා…….ක් එ තකොට මන් යන්නම ඕනීද ආ………. දැන් මට හොදයිනෙ අයියේ “

” ඔව් යන්නම එපැයි මැණිකෙ… බය වෙන්න එපා මාත් එනවානෙ මයෙ අනූ එක්ක ම්…… “

මන් වැඩ ඇරිලා ගෙදර ආපු හැටියේ එයා මාව බදා ගත්තත් හරි මන් කිව්වේ සායනෙන් අද කිව්ව‍ පණිවිඩේ. මන් තමයි ගොඩක් වෙලාවට ඉස්පිරිතාලේ මනෝ සායනේ බෙහෙත් ගන්න යන්නෙ. අනූගෙ බෙහෙත් වල එක වර්ගයක්‌ ඉවර නිසා වැඩ ඉවර වුණු හැටියේ මන් ගියෙ එයාගේ පොත් ටිකයි බෙහෙත් තුන්ඩුයි අරන් ඉස්පිරිතාලෙට. ඩොක්ටර්ට මන් කතා කරන්න යද්දි තමයි කිව්වේ එයාව එක්ක එන්න කියලා. මාත් ටිකක් කැමති නෑ තමයි එයාව සායන වලට යවන්න. ඒවුනාට ලෙඩේ හොදටම හොද කර ගන්නත් එපැයි.

” කෝ පුතා ම්……. “

” නිදි ගත්තනේ අයියේ…. මාත් නිදා ගන්න තමයි ලෑස්ති වුණේ… වාහනේ සද්දෙට මන් ආයේ ඉස්සරහට ආවා “

මන් මයෙ බෑග් එකත් ගලවලා ජේසියත් පුටුවෙන් වේලෙන්න දාලා අනූගේ අතත් අල්ලන් ගියෙ කුස්සියේ පැත්තට.

” බත් බෙදන්නද…. කිරි එකක්‌ බොනවද “

” මයෙ අනූට පුළුවන්ද අයියට කිරි එකක් වක් කරන්න. ගොඩක් සීතයි අනූ “

” මයෙ අප්පච්චි අතපය හෝදන් එන්න එහෙනම්. මන් ඇදුම් ටික ගේන්නම් “

මන් අනූගේ නළලට හාද්දක් දීලා කොන්ඩෙත් අවුස්සලා ගියෙ කුස්සියේ ඉස්තෝප්පුව ළග තියෙන ලොකු බැරල් එක ළගට.  අයිස් වගේ සීතළ බාල්දි තුන හතරක්ම ඇගට දාන් ඉක්මනට සබන් ගාලා ඇග හෝදලා ගියෙ ඉස්තෝප්පුවේ හිටන් මයෙ දිහාම බලන් ඉන්න මයෙ අනූ ළගට. තුවායෙන් දඩ බඩ ගාලා ඇගත් තෙත මාත්තු කරන් සරමත් ඇදලා අත් දිග කමිසෙට උඩින් ආයේ ලොකු ඌල් ජේසියක් ඇද ගත්තා.

” හෙට හතරට විතර යමු අනූ “

” හ්ම්…. මන් පැටියත් එක්ක ඔරලෝසු කණුව ළග ඇන්ටෝනි එක ළග ඉන්නම් “

මයෙ අනූ තව තවත් මයෙ අස්සට එද්දි මන් එයාවත් මයෙ ඇගට තව තුරුල් කරල් එයා හදලා දුන්නු දුම් දාන කිරි කෝප්පේ රස බලන්න ගත්තා. අප්පේ මයෙ කිඹුලට අනුත් එක්ක තියෙන පැලියාව බලන්න ඕනී. මයෙ අනූ හොද හින්දා හොදයි ඉතින්. එකට එක මයෙ අනුත් කරන්න ගත්ත නම් මටයි නිලූෂටයි මුන් දෙන්නගෙ මරා ගැනිලි තමයි බල බල ඉන්න වෙන්නේ. ගෑණු කෙහෙවලු පටල ගන්නවා වගේ නෙවෙයි පිරිමි කෙහෙවලු පටල ගද්දි. ළග ඉන්න අපේ ජීවිතත් අනතුරේ.

” අප්පත්ති හෙත මොත්ත තෝලි යන්තම ඕලිද…. මාත් ඇතයව බලාදෙන
ඉන්තම්තු අලේ,………”

” මේ දවස් වල යන්නම එපැයි මැණික. නැටුම් පුරුදු කරනවනේ “

” මන් නුලාදදෙන් ආ ගන්තම්කු අප්පත්ති “

මන් ටීවී එකෙන් මූණ අහක්‌ කරන් බැලුවේ මයෙ ඔක්කේ අත් දෙකත් කර වටේ පටලවගෙන දගලන රාහු දිහා. කම්මැලි හොර ගෙඩියෙක් වෙන්න හදන්නේ. මේ දවස් ටිකේම වැස්සනෙ.

” ඇටයව බලාගෙන ඉන්නවද එහෙනම් ම්….. “

” ඕ ඕ අප්පත්ති…. “

මේ දවස් ටිකේම ගියපු හින්දා ඔන්න ඔහේ එක දවසක් හිටපුවාවෙ එක්කෝ. අනූ ඇද අස්පස් කරලා ඉවරද දන්නෙත් නෑ. මන් ටීවී එකත් නිවලා දාලා ගියෙ කාමරේට.

” ලෑස්ති වෙලා ඉවරයිද ම්….. ආ කෑම එක මන් බෑග් එකට දැම්මා. වතුර බෝතලෙත් දැම්මා ඇතුළට ”

” මගෙ බොත්තම් ටික දාලා ඉන පටියත් දාන්නකෝ මැණිකෙ “

අනූගේ ඉන වටේට අත් දෙකත් දාලා මන් එයාව මයෙ ළගට කර ගත්තා. එයාගේ හීනි ලා පාට ඇගිලි මයෙ පපුවේ ගෑවෙන්න ගෑවෙන්න ඇග හිරි වැටිලා යනවා.

” මයෙ අප්පච්චිට මේ කමිසේ ලස්සනයි. ලා පාට හොදයි මෙහෙම “

” ඕක හොදට යට කරන්න ඉතින්. නැත්තම් පනිනවනෙ දරුවෝ “

මයෙ දිහාට බැල්මක් දාපු මයෙ අනූ හිනා වෙවීම මයෙ කමිසේ හොදට යට කරලා මයෙ ඉන පටියත් දාන්න ගනිද්දී මයෙ ඇගිලි ගෙනිච්චේ හෙමීට අනූගේ කමිසේ යටින් අත දාලා ඒ ඉන දිහාවට.

” ම් මට කිති නෙ “

” හරි හරි අප්පා…… දකිද්දී ආදරේ හිතෙනවා. මිරිකලා දාන්න හිතෙනවා මයෙ මේ මැණිකෙව.  දාලා යන්න ලෝභයි ඔයාලා දෙන්නව “

” ඕන් ඕන් මාව අවුස්සනවා ඉතින්.. අදත් අහයි අප්පච්චි මට කියන් නැතුව හොරෙන්ම ගියාද කියලා”

මයෙ පැටිය තාම නිදි කොට්ටෙකුත් බදාගෙන. අනූ ගිහිල්ලා ආයේ හොදට පැටියව වැහෙන්න ෂීට් එකත් දාලා එයාගේ ෂීට් එකෙනුත් වැහැව්වා. පැටියගේ මූණ ඇගේ පාට එහෙන් පිටින්ම මයෙ අප්පච්චි වගේමයි. ලොකු වෙන්න ලොකු වෙන්න මයෙ අප්පච්චිගෙ පෙනුමමනෙ පැටියට එන්නෙ.

” කමක් නෑ එයා දැන් සැප නින්දකනෙ ඉන්නෙ..  මයෙ අනූ මන් එක්ක මෙහෙම ඉද්දි මට සෑහෙන්න සතුටුයි මැණික. එහෙනම් මන් ගිහිල්ලා එන්නම්. පරිස්සමින් දොරවල් ටික වහගෙන ඉන්න. ආයේ ඇන්ටෝනි එක ළගට එන්න එපා. මන් එන්නම් ගන්න. දෙන්නා එක්ක ලෑස්ති වෙලා ඉන්න “

” මයෙ අප්පච්චිට කරදරේ නැද්ද ආයේ ඇවිල්ලා ආයේ යන්න ගියාම “

” වැස්සේ ඔය දෙන්නා කොහොම එන්නද දරුවෝ. ගෙදරට වෙලා ඉන්න ආයේ කොහෙවත් යන් නැතුව “

මන් කඩුල්ලත් පාස් කරලා පාරට දැම්මත් හරි බැලුවේ මයෙ වාහනේ දිහා දොරකඩ ඉදන් බලාගෙන ඉන්න මයෙ අනූ දිහා. මන් හෝන් එකකුත් ගහගෙන එහෙන්ම පොඩ්ඩක් වේගෙ අඩු කරලා යන්න ගත්තෙ මීදුම් බාලා හින්දා . පල්ලම් දිගේ කන්ද බැහැ බැහැ යන්න යන්න මීදුම අඩුවෙලා යනවා හන්දියට කිට්ටු වෙද්දී නම්.

ඒ වුණාට අපේ ගම හොදයි හිල්ලාවට වඩා. වීරන්කෙඩුව වලව්ව කන්දට වගේ වෙන්න තියෙන හින්දා තව මීදුම් වැඩියි. දවල්ට වුණත් එහෙ මේ දවස් වල මීදුම. මහ වලව්වේ නම් සාලේ කෑල්ලක වලව්ව රස්නි වෙන්න ගිනි උදුනක් හොදට හදලා තියෙන්නේ. පුංචි වලව්ව නම් ළගදි හැදුව හින්දා සීතළ ඇතුළට වැඩිය එන් නැති විදිහට තමයි හදලා තියෙන්නේ. ආයේ ඉතින් එහෙම හදන්න සල්ලි වලින් අඩුවක් කියලද මයෙ පොඩි එකාට.

           💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට යාලුලාට ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️

කතාව ඉවර කරන්න තව කොටස් පොඩ්ඩයි තියෙන්නේ යාලුලා…. 😊

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූපස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූපස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූපස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූපස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූපස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූපස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 88